Tuesday, November 18, 2014

එම්මානුවෙල් ඔබේ නාමය - පියෝ අනන්දප්පා

එම්මානුවෙල්, ඔබේ නාමය
උතුම්ය උසස්ය අන් සෑම දෙයට වඩා
එම්මානුවෙල් අප සමග වේ
උතුම්ය උසස්ය මහිමාලංකාර වේ

මගේ දිවිය යහපතින් පුරවා ආදරෙන් කැඳවා
ජීවනයේ මග පෙන්නුවා
මා ළඟ නිතර සිටිනා මා හද සනසවනා
එම්මානුවෙල් ඔබ වේ උතුම්

කුරුසියක ජීවිතය දුන්නා මරණයද පරදා
මහිමයෙන් ඔසවා ගත්තා
දකුණු පස වැඩ සිටිනා නිකැළැල් බැටළු පටවා
එම්මානුවෙල් ඔබ වේ උතුම්