Monday, November 19, 2012

"භාර වෙමි මෙමා ඔබේ අතටා" ගීතයේ ගී පද / Lyrics of "Bhara wemi mema obe athata"

භාර වෙමි මෙමා ඔබේ අතටා
මා කැමැත්ත හැරදා //

මාගේ ගැලවුම්කරු මිතුරු
සමිතුම් සැනසුම්කරු සොඳුරු //
මාගේ අයිතිකාර එඩේරා
ඔබතුම වෙයි ගරුවූ //

මා  දිවි සැලැස්මක් නැත මා හටා
නොපෙනේ ඉදිරිපියවර මා //
ඇදහිල්ලෙන් පාද නගා යම්
ඔබේ අත අල්ලගෙනා //

පූජා කරමි සිත ඔබටා
ඔබගේ කැමැත්ත කරන ලෙසා //
පිරිසිදුවෙන් තබනු සිත්
පළමු  පෙමින් පුරවා //

යාච්ඤා කරමි නොකඩවම
මෙලොවේ වසනා සැම දිනම //
සතුරු බලේ අද සුන්වේ
ඔබ මගේ ප්‍රීතිය වේ //

පාපේ රස හා ලොව සැපතා
පොළවේ මහිමේ මෙමට එපා //
දිළිඳු හිමි පසුපස්සේ
යමි කුරුසේ රැගෙනා //


















No comments:

Post a Comment